2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරන්නේ.
එසේම මැයි මාසයේ මුල සිට මැයි 25 දක්වා පැමිණි සංචාරකයන් ගණන 109,213ක් වනවා.

