පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින බාධා ඉවත් කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වනවා.
ඒ අනුව ලබන සභාවාරයේ දී අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්රී ශානක්කියන් රාසමානික්කම් මහතා සඳහන් කළේ.

