Shubman Gill ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට

එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් (Shubman Gill) පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් මෙහෙයවන 37වන නායකා යනු ඇත.

ICC ටෙස්ට් ලෝක ශූරතාවේ මීළඟ අදියර අරඹමින් මෙම තරගාවලිය ජූනි 20වනදා ආරම්භවීමට නියමිතව ඇත.

ආකර්ෂණීය පිතිකරණ කුසලතා සඳහා ප්‍රසිද්ධ 25 හැවිරිදි ආරම්භක පිතිකරුවෙක් වන ගිල්, ටෙස්ට් තරග 32 කදී ලකුණු 1,800 කට වඩා ලබා තිබෙනවා.

එසේම ඔහු IPL තරඟාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරනවා.