දිවයිනේ නිරිත දිග කොටසේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ඒ හෙට පස්වරු 2 දක්වා වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනුයි.
ඒ අනුව බස්නාහිර හා සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවයි එහි දැක්වෙන්නේ.
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍ර දේශවලට පවතින මෙම වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුල ද බලාපොරොත්තු විය හැකි වනවා.
මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරු මැද, වයඹ හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තරමක තද සුළං ඇතිවිය හැක.

