චීනයේ චොංකිං සම්ප්‍රේෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම, සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ මාධ්‍ය ක්ෂේත්රයේ පුහුණු අවස්ථා හුවමාරු කර ගැනීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවයි රජනය සඳහන් කරන්නේ.
මෙම පියවර මගින් චීනය සහ ශ්‍රී ලංකාව අතර හුවමාරු වැඩසටහන්, අධ්‍යයන හා පුහුණු අවස්ථා ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබා ගැනීම සඳහා අවස්ථා සැලසෙනු ඇත.
ඒ අනුව, චීනයේ චොංකිං සම්ප්‍රේෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

