මැයි දින 13ට සංචාරකයින් 59,755 ක් දිවයිනට

මේ වසරේ මැයි මාසයේ ගෙවුණු මුල් දින 13 තුළ සංචාරකයින් 59,755 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, චීනය, ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය ප්‍රංශය, සහ රුසියාව යන රටවලින් පැමිණ තිබෙනවා.

ඒ අනූව වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 956, 639 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.