පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය වැඩවර්ජනයකට සැරසෙයි

උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු‍, උසස්වීම් සහ සති අන්ත නිවාඩු දීමනා ඇතුළු තවත් ගැටලු‍ කිහිපයක් මුල්කරගනිමින් පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සංකේත වැඩ වර්ජනයක නිරතවීමට සැලසුම්කර තිබෙනවා. 

ලබන 22 වැනිදා එම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි එහි සභාපති රවී කුමුදේශ් පැවසුවේ.