Trump සෞදි අරාබියේ සංචාරයක

ඇමරිකානු ජනාධිපති Donald Trump සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත ගොස් ඇතැයි වාර්තා වෙනවා.

මෙය ට්‍රම්ප් ගේ දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය වනවා.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් ට්‍රම්ප්ව පිලිගෙන තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මොහොමඩ් බින් සල්මාන් රියාද් හි කිං කාලිඩ් ගුවන්තොටුපළේ දී විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමට ද නියමිතයි.

දින හතරකින් යුතු මෙම සංචාරයේදී එක්සත් ජනපදය තුළ සැලකිය යුතු නව ආයෝජන ලබා ගැනීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවයි BBC සඳහන් කරන්නේ.