විශේෂ මදුරු මර්දන සතියක්

ලබන මැයි 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

ඊයේ (12) දිනය වන විට මේ වසරේ දී හඳුනා ගත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19,724 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.