පාකිස්තානය සමඟ දින හතරක් තිස්සේ පැවති යුධ ගැටම් වලින් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
එහි ඔහු “මෙය යුද්ධයේ යුගයක් නොවේ, නමුත් මෙය ත්රස්තවාදයේ යුගයක් ද නොවේ” යන්න අවධාරණය කරනු ලැබුවා.
ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සිදු වූ සටන්කාමී ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය සිදුවීමක් සම්බන්ධයෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර යුධ ගැටුමක් නිර්මාණය වුණා.
කෙසේවෙතත් ඇමරිකාවේ මැදිහත්වීමෙන් මේ වන විට සටන් විරාමයක් දෙපාර්ශවය අතර ආරම්භ කර තිබෙනවා.
ඉන්දියාවට එරෙහිව තවත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වුවහොත්, ශක්තිමත් ප්‍රතිචාරයක් ලබා දෙනු ඇති බවයි මෙහි දී මෝදී සඳහන් කළේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර ජල ගිවිසුමක් අත්හිටුවීම ගැන සඳහන් කරමින් ඔහු පෙන්වා දුන්නේ ජලය සහ රුධිරය එකට ගලා යා නොහැක යනුවෙනුයි.

