චමරි අතපත්තුට දඩයක්

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී සිකුරාදා පැවති කාන්තා ත්‍රිත්ව තරඟාවලියේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට ඇගේ තරඟ ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ “ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ, ඇඳුම්, පැළඳුම් උපකරණ හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය අතපත්තු විසින් උල්ලංඝනය කර ඇතැයි අනාවරණය වීම හේතුවෙනුයි.

මේ සමග මාස 24 ක කාලයක් තුළ සිදු වූ පළමු වරද වූ චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් අගෞරව ලකුණක්ද එකතු වී තිබෙනවා.

මෙම සිදුවීම දකුණු අප්‍රිකානු ඉනිමේ 32 වන ඕවරයේදී සිදු වූ අතර සිදු වී ඇති අතර එහි දී ඇනරි ඩර්ක්සන් විසින් හතරේ පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩි ගලවා බිමට කඩා දමා ඒවා කැබලි කිහිපයකට කැඩී ගියේය.