පාකිස්තානය ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ල කරයි

මේ වන විට ඉන්දියාව සහ පකිස්තානය අතර පවතින යුධ ගැටුම් උග්‍ර අතර හැරෙමින් පවතිනවා.

ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියාව තම හමුදා ගුවන් කඳවුරු තුනකට වෙඩි තැබූ බවට පාකිස්තානය චෝදනා කිරීමෙන් පැය කිහිපයකට පසු පාකිස්තානය විසින් ඉන්දීය යුධ කඳවුරු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව දියත් කර තිබෙනවා.

මේ අතර තමන් ඉන්දියාවේ S-400 ආරක්ෂක පද්ධති විනාශ කළ බවට පකිස්ථාන හමුදාව සඳහන් කරන නමුත් ඉන්දියාව විසින් මෙය ප්‍රතික්ෂේප කරනවා.

අද අළුයම 3.15 සිට දහවල් 12 දක්වා කාලය තුළ සියලුම ගුවන්ගමන් සඳහා පාකිස්තානය සිය ගුවන් කලාපය වසා දමා ඇතැයි එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරනවා.