විශ්වවිද්‍යාල වලට අයදුම්පත් යොමු කිරීම අද සිට

2024 අ . පො . ස . උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද (9) ආරම්භ වුණා.

අයදුම්පත් ලබන මැයි 30 වන දින මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.

 https://www.ugc.ac.lk/වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ හැක.

අයදුම්පත් ඉදිරිපත් කිරිමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් නිකුත් කර ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත හොඳින් කියවන ලෙස අයදුම්කරුවන්ට දැනුම් දෙනවා.

එසේම අන්තර්ජාලය හරහා මෙම ප්‍රවේශ අයදුම්පත් පිරවීමේ දී යම් ගැටළුවක් ඇති වුවහොත් 1919 හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානය 011 2695301 හෝ 011 2695302 යන අංක අමතා උපදෙස් ලබා ගත හැක.