ජනපති අනුරගෙන් නව පාප්වහන්සේට සුබ පැතුමක්

නව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ (08) පස්වරුවේ තේරී පත්වූ අමෙරිකාවේ Robert Prevost පාප් වහන්සේ වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ සිය නිල X ගිණුමේ සටහනක් තබමිනුයි.

“ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ ආශ්වාදය ගෙන එනු ලැබේවා.”