කොළඹ නගර සභාවට සජබයෙන් නගරාධිපතිවරයෙක් ?

කොළඹ මහ නගර සභාවේ වැඩි ආසන සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය දිනා ගත්තද බහුතරය විපක්ෂය සතු නිසා නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී අනෙකුත් පක්ෂවල සහය ලබා ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

කොළඹ අද (07) කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මහ මැතිවරණයේදී ආණ්ඩුව ලබා ගත් 62%ක ඡන්ද ප්‍රතිශතය මේවන විට 43%ක් දක්වා අඩුවී ඇති බව ද ඔහු මෙහි දී සඳහන් කළා.