පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

පළාත් පාලන ආයතන 339ක් සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වෙන වන අතර ඒ අතරට මහ නගර සභා 28ක්, නගර සභා 36, ප්‍රාදේශීය සභා 275ක් අයත් වනු ඇත.

මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 49ක්, ස්වාධීන කණ්ඩායම් 14කින් අපේක්ෂකයින් 75,589ක් තරග කරනු ලබනවා.