2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්දය ලකුණු කිරීම අද පස්වරු 04ට අවසන් කෙරුනා.
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7ට ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ කළා.
මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.
සමස්තයක් ලෙස අද දිනයේ ඡන්ද භාවිතය ප්රශස්ත මට්ටමක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසුවා.
සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට ඡන්දය ශූන්‍ය කිරීමට තරම් ප්‍රමාණවත් තරම් සිද්ධි කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවූ බවයි පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළේ.
මේ අතර මේ වනවිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවත් සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතය.

