මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සදහා හෙට පෙරවරු 7 ට ඇරඹෙන ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් වීමට නියමිතයි.
මෙලෙස පළාත් පාලන ඡන්ද විමසීමක් හෙට පැවැත්වෙන්නේ වසර 7කට පසුව වීම විශේෂත්වයක්.
දේශපාලන පක්ෂ 49ක සහ ස්වාධීන කණ්ඩායම් 257ක අපේක්ෂකයින් 75,589 දෙනෙකු මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරග වදිනවා.
එසේම මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ 56,338ක්.

