තමා පාප් වහන්සේ ලෙස හැඳ ඇති කෘතීම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද ඡායාරුපයක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කර තිබෙනවා.
ඒ ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීමේ සමුළුව ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී යි.
සුදු පැහැති කසායක් සහ පාප්තුමාගේ හිස් වැස්මක් පැළඳ, ඔහුගේ දබර ඇඟිල්ල ඔසවාගෙන සිටින ආකාරය මෙම ඡායාරුපයෙන් දැක්වෙනවා.
ධවල මන්දිරය විසින් එහි නිල X ගිණුමේ ද මෙම ඡායාරූපය නැවත බෙදා ගෙන තිබීම විශේෂත්වයක්.

