ත්‍රිවිධ හමුදා සේවයෙන් පළා ගිය නිලධාරීන් ඇතුලු සෙබලුන් 2325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය පෙබරවාරි මස 22 වනදා සිට ඊයේ දිනය දක්වා සිදු කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර යුද හමුදාවේ 2017ක්, නාවික හමුදාවේ 145ක් සහ ගුවන් හමුදාවේ 163 දෙනෙකු ද සිටිනවා.
මීට අමතරව පොලිසිය මගින් ද තවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 281 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

