ඩෙංගු සහ චිකුන්ගුන්යා ව්‍යාප්තිය පාලනයට කාර්යාසාධක බළකායක්

පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි මහතා පවසනවා.

දිවයිනේ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 50% කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවති ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17,000ක පිරිසක් වාර්තාවී තිබෙනවා.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය සඳහන් කළේ එම සංඛ්‍යාවෙන් 1,800ක ප්‍රමාණයක් කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් වර්තා වී ඇති බවය.