සිරි දළඳා වන්දනාවට පැමිණි බැතිමතුන්ගේ ගමන් මලු ගැන දැනුම් දීමක්

අප්‍රේල් මස 18 වනදා සිට අද (27) දිනය දක්වා “සිරි දළඳා වන්දනාව” සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණා.

කෙසේවෙතත් ඇතැම් සැදැහැවතුන් ගමන්මලු යම් ප්‍රමාණයක් නැවත භාර නොගෙන ඇති බවත් එම ගමන්මලු භාරදුන් ස්ථානවලම සුරක්ෂිතව පවතින බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරනවා.

ඒ අනුව එවැනි භාර නොගත් ගමන්මලු මහනුවර වැවරවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාමක වන ස්ථානය ඉදිරිපිටදී හෙට (28) සහ අනිද්දා (29) දෙදින තුළ නැවත ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එය සිදුවන්නේ සිවිල් ආරක්ෂක බලකායේ මහනුවර බලකායේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් ඩබ්.එම්.එන්. වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණය යටතේ බව සඳහන් වේ. 

එම ස්ථානයට පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ගේ ගමන් බෑගය ලබාගන්නා මෙන් සැදැහැවතුන්ගෙන් කාරුණිකව ඉල්ලීමක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පහත දුරකථන අංකයන් වෙත ඇමතීමෙන් ලබාගත හැකිය.

පොලිස් කොස්තාපල් දිසානායක මයා – 071-580 3000

ජ්‍යෙෂ්ඨ නියාමක අබේරත්න මයා – 077-531 1797

කාන්තා උප නියාමක චාන්දනී මධුරසිංහ මිය – 071-096 5890