පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය මාධ්‍යට අනාවරණයට කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති රෝමයේ සැන්ටා මරියා මැගියෝර් දේවස්ථානයේ වූ සුසානඝරය පළමුවරට මාධ්‍යයට අනාවරණ කර තිබේ.

එහි තබා ඇති ශෛලමය දැන්වීමේ සටහන්ව ඇත්තේ උන් වහන්සේගේ නාමය ලතින් භාෂාවට හැරවූ විට යෙදෙන ‘ෆ්‍රැන්සිස්කස්’ නම් වදන පමණයි.

පසුගිය සඳුදා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය සම්බන්ධ අවමංගල දේව මෙහෙය ඊයේ (26) වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවැත්වුණි.

ඒ ලෝක නායකයින් ඇතුළු දෙලක්ෂ පනස් දහස ඉක්මවූ පිරිසකගේ සහභාගිත්වයෙනි.

ඉන් පසුව පැවැත්වුණු පෞද්ගලික උත්සවයකදී අභාවප්‍රාප්ත පාප් වහන්සේ මෙම ස්ථානයේ තැන්පත් කරනු ලැබුවා.