දළඳා වදින්න එන බැතිමතුන්ට තවත් පණිවිඩයක්

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට පොලීසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ දළදා වන්දනාවට පැමිණෙන විට තමා සමඟ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස අදාළ දැනුම්දීමේ දැක්වෙනවා.

එසේම යම් හදිසි අවස්ථාවකදී 0812224660 හෝ 0812224661 යන දුරකථන අංක ඔස්සේ පොලීසිය දැනුම්වත් කරන ලෙස ද ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.