සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) දහවල් 12.00ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
දළදා වන්දනාව අද පස්වරු 5:30 දක්වා පැවැත්වෙනවා.
ඒ අනුව දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳීසිටින අයුරු දැකගත හැකිය.
සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්රවේශ මාර්ග තුනක මෙලෙස ජනතාව පෝලිම් ගැසී රැඳීසිටී.
ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්රධාන පිවිසුම තෙක් වශයෙන් ප්රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවතී.

