2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවේ පෙන්වා දෙනවා.
ඉන් අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළදී සංචාරකයින් 93,915ක පිරිසක් මෙරටට පැමිණ ඇත.
අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අප්‍රේල් 12වනදා වන අතර, එදින 7,585ක පිරිසක් පැමණ තිබෙනවා.
එසේම එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වනවා.
එම පිරිස සංඛ්‍යාත්මක ලෙස 18,220ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 11,425ක්, රුසියාවෙන් 8,705ක් සහ ජර්මනියෙන් 7,746ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

