ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රදේශයට භූ කම්පනයක්

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබේ.

මෙම කම්පනය එක්සත් ජනපද මෙක්සිකෝ දේශසීමාවේ සිට සැතපුම් 20 ක් පමණ දුරින් පිහිටි ජූලියන් නගරයට සැතපුම් 2.5 ක් (කිලෝමීටර් හතරක්) දකුණින් කේන්ද්‍රගත වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යාඥයින් සඳහන් කළේ.

මුල් භූමිකම්පාවෙන් පසුව කුඩා පසු කම්පන මාලාවක් ද හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී ඇත.

භූ කම්පනයේ බලපෑමත් සමඟ සැන් ඩියාගෝ හි සෆාරි උද්‍යානයේ වෙසෙන අලි රංචුවක් ද කලබලයට පත්වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.