කුකුළු මස් සහ බිත්තර මිල ඉහළට

මෙම දිනවල වෙළඳපොලේ කුකුළු මස් සහ බිත්තර මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා

උත්සව සමයේ පවතින අධික ඉල්ලු‍ම ඉහළ යාමට හේතුව බවයි වෙළදුන් සදහන් කරන්නේ.

සිල්ලර වෙළදපොළේ මේ වනවිට බිත්තරයක් රුපියල් 39ත් 41ත් අතර මිලකට අලෙවි වන අතර කුකුළු මස් කිලෝවක් රුපියල් 1100ක් 1200ත් අතර මිලකට අලෙවි වනවා.

මේ අතර අනිද්දායින් පසු මාළු මිල ද ඉහළ යනු ඇති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළද මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසනවා.

කෙසේ වෙතත් එළඹෙන 12 වන පෝය දින හැර 13 සහ 14 යන දෙදින එම වෙළද මධ්‍යස්ථානය ව්‍යාපාර කටයුතු සදහා විවෘතව පවතින බවයි එම මධ්‍යස්ථානය වෙළද සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි සදහන් කළේ.