මෙම මාසයේ පළමු සතිය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 38, 615 පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියානුවන් වන වනවා.
ඉන් පසු වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පිළිවෙළින් බි්රතාන්යය, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය සහ බංගලාදේශ යන රටවලින්.
2025 වසරේ මේ දක්වා සංචාරකයින් 760, 897 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

