පාකිස්ථානයේත් භූ කම්පනයක්

පාකිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුවී තිබෙනවා.

ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) සඳහන් කළේ අද (02) අලුයම 2.29ට පමණ මෙම භූ කම්පනය ඇතිවූ බවයි.

භූකම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 67ක් නැගෙනහිර -ගිනිකොන දෙසින් සිදුවී තිබෙනවා.

කම්පනවල තීව්‍රතාවය තිබියදීත්, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.