අනිද්දා (සිකුරාදා) සහ ලබන සෙනසුරාදා දිනවල තානාපති කාර්යාලය ජනතාව සදහා විවෘත නොවන බව දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
ඒ සෝල් අගනුවර ඇති විය හැකි නොසන්සුන්කාරී තත්ත්ව හේතුවෙනුයි.
හදිසි අවශ්‍යතාවක් නොමැති නම් අදාළ දිනවලදී සෝල් නගරය වෙත පැමිණීම අවම කරන ලෙසයි එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් එම තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.
එමෙන්ම, යම් හදිසි අවස්ථාවකදී 02-735-2966, 02-735-2967 සහ 02-794-2968 යන දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අංකය හෝ 070-4009-2992 යන දුරකතන අංකවලට ඇමතුම් ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කරනවා.

