පළාත් පාලන මැතිවරණයේ දිස්ත්‍රික්ක හතරක ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසනවා.
ඒ අනුව හම්බන්තොට,පොළොන්නරුව වව්නියාව,මොණරාගල යන දිස්ත්‍රික්ක වල ඡන්ද පත්රිකායි මෙලෙස මුද්‍රණය කර අවසන් කර ඇත්තේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට භාරදුන් බවයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ.
දිස්ත්‍රික්ක 9ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

