අදත් ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්

අද දිනයේ උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ උතුර, බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිය හැකි බවයි.

මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.