ලංකා IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි

ලංකා IOC සමාගම ද ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299ක් වනවා,

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර ඇති අතර  එහි නව මිල රුපියල් 361ක් වනු ඇත.

සෙසු මිල ගණන් නොවෙනස්ව පවතිනවා.