කිරි තේ කෝප්පයක මිල අද සිට රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
කිරි පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
අද (01) සිට ක්රියාත්මක වන පරිදි කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පසුගිය 18 වනදා තීරණය කළා.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.

