පුංචි ඡන්දයට අදාළව පැමිණිලි 180ක්

පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය 20 වැනිදා සිට 28 වැනිදා දක්වා මෙම පැමිණිලි ලැබුණු බවයි

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව එක් පැමිණිල්ලක්ද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 179ක් ද මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබෙනවා.

එසේම මෙම පැමිණිලි 180 අතුරින් පැමිණිලි 133ක් මේ වන විට විසඳා ඇති බව ද සඳහන් වෙනවා.

තවත් පැමිණිලි 47ක් විසඳීමට කටයුතු කරමින් ඇති බවද එම කොමිෂන් සභාව සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.