නවසීලන්තයේ දකුණු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ දකුණු දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් සවුත්ලන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් වෙරළ තීරයෙන් සහ සමුද්‍ර ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

නවසීලන්තයේ උප-ඇන්ටාක්ටික් දූපත් වල උතුරු කෙළවරේ පිහිටි ස්නේරස් දූපත් වලට කිලෝමීටර් 160 ක් පමණ වයඹ දෙසින් කිලෝමීටර් 33 ක් (සැතපුම් 21) ගැඹුරකින් භූමිකම්පාව වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රධාන භූමියට, දූපත් හෝ භූමි ප්‍රදේශවලට සුනාමි තර්ජනයක් නොමැති බවයි ඕස්ට්‍රේලියාවේ ජාතික කාලගුණ කාර්යාංශය පැවසුවේ.

නවසීලන්තය පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ ඇති කිලෝමීටර් 40,000 ක ගිනි කඳු සහ සාගර අගල් සහිත චාපයක් වන භූ කම්පන ක්‍රියාකාරී “ගිනි වළල්ල” (Ring of Fire) මත ය.