බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවකට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රීවරු 115 දෙනෙකු අදාළ යෝජනාවට අත්සන් තබා ඇති අතර, එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ.
වැඩතහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

