ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සකුරා මල් පිපිමේ සමය ඊයේ (24) නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.
ඒ ටෝකියෝ හී යසුකිනි (Yasukuni) සිද්ධස්ථානයේ ඇති සකුරා මල් සමය ආරම්භ වන බවට නිල වශයෙන් නිරීක්ෂණ කරනු ලබන සොමේයි යොෂිනෝ (Somei Yoshino) නිදර්ශක ගසක මල් හයක් හටගැනීමත් සමගයි.
”අපි මිනුම් දණ්ඩක් ලෙස සලකනු ලබන ශාකයේ මල් 6ක් පිපී ඇති බව නිරීක්ෂණය වුණා. සෑම වසරකම එකම දිනක මල් පිපීම සිදුවූ නමුත් මෙවර එය පසුගිය වසරට සාපේක්ෂව දින 5කට පෙර පිපීම සිදුව තිබෙනවා.” යනුවෙනුයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ ටොෂියාකි කවකාමි සඳහන් කළේ.
මේ සමග ජපානයේ වසන්ත කාලය ඇරඹිමද සනිටුහන් වනවා.
උෂ්ණත්ව වෙනස්වීම් වලට බෙහෙවින් ප්‍රතිචාර දක්වන මෙම සකුරා මල් ගස් වල නියමිත වෙලාවට කලින් මල් පිපිම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා සිදු වන්නක් වනවා.

