ජනතාව දැන් ගත කරන්නේ පාතාලයට යට වූ ජිවිතයක් – සජිත්

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් තේමාවෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට සිදුව ඇත්තේ පාතාලයට යටවුණු ජීවිතයක් ගත කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවැති හමුවකට එක්වෙමිනුයි.

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.