ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් ඉන්දියාවේ ප්‍රාන්ත රැසක විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා.
ඉන්දියාවේ විශාලතම බෞද්ධ ජනගහනය ජීවත් වන මහාරාෂ්ට්රය මෙම විරෝධතා වල කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා.
එසේම රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, කර්ණාටක, තෙලඟානා සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දක්වා ද විරෝධතා ව්‍යාප්ත වී තිබෙනවා.
පසුගිය පෙබරවාරි මස 12වනදා සිට විවිධ පිරිස් මහා බෝධි විහාරය වෙත පැමිණ මාරාන්තික උපවාසයන් හි පවා නිරත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔවුන් අවධාරණය කරන්නේ එම විහාරයේ පරිපාලනය සම්බන්ධව 1949 වසරේදී සකස් කළ බුද්ධගයා විහාර පනත අවලංගු කළ යුතු බවයි.
එම නීතිය යටතේ නව දෙනෙකුගෙන් යුතු මහා බෝධි විහාර පරිපාලනයේ වැඩි බලයක් හින්දූන්ට හිමිවීම පිරිසගේ විරෝධයට ලක්ව තිබේ.

