අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අද (21) වනවා.
ඒ අනුව අද (21) දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
විවාදය අද උදැසන 10ට ආරම්භ වන අතර පස්වරු 6ට විවාදය අවසන්වීමෙන් පසු අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.
මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
දින 07 කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර පෙබරවාරි 25වන දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදි අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූවා.

