හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙනවා.
ඔහු 2023 වසරේ මාතර, වැලිගම ප්රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින අතර බොහෝ දින ගණනාවක් තිස්සේ සැඟවී සිටීමෙන් අනතුරුවයි ඔහු මෙලෙස අධිකරණයට පැමිණ ඇත්තේ.
එම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා තීන්දු කරනු ලැබුවා.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
එවැනි පසුබිමක අද (19) පෙරවරුවේ ඔහු මාතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

