රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලීමක්

බටලන්ද සිදුවීම සම්බන්ධයෙන් නවතම කොමිසමක් පත්කර හෝ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස 88, 89 භීෂණ සමයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් රජයෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනුයි ඔවුන් මේ බව සඳහන් කළේ.

මේ අතර ආණ්ඩුවේ ගෞරවය රැක ගැනීමට පමණක් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා චෝදනා කරනවා.