කටාන උතුර කලාපයට අයත් ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ නිවේදනය කළා.
ඒ අනුව අද (19) පෙරවරු 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වෙනු ඇත.
මෙලෙස ජල සැපයුම අත්හිටුවෙන්නේ බම්බුකුලිය, මුරුතාන, කටාන උතුර, කටාන බටහිර, නැගෙනහිර කටාන, උඩංගාව, මානචේරිය, තෝප්පුව, බටහිර කළුවාරිප්පුව, ඉහළ කදවල, පහළ කදවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ, ආඩික්කණ්ඩිය, ඇත්ගාල, ඇත්ගාල දකුණ, මහ ඇත්ගාල සහා නැගෙනහිර කළුවාරිප්පුව යන ප්රදේශවලයි.
කටාන ජල සම්පාදන ක්රමයේ කටාන උතුරු කලාපයේ ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙනවා.

