ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 9කට වැඩි කාලයක් සිර වී සිටි Butch Wilmore සහ Suni Williams යළිත් පෘථිවියට පැමිණ තිබෙනවා.
ඔවුන් රැගත් SpaceX capsule එක මෙරට වේලාවෙන් අද (19) අලුයම් කාලයේදී අමෙරිකාවේ ෆ්ලොරිඩා හි ටලහසී වෙරළට ඔබ්බෙන් වූ මුහුදට සාර්ථකව ගොඩබස්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම මෙම යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳි සිටි තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් ද පෘථිවියට පැමිණ තිබෙනවා.
Butch Wilmore සහ Suni Williams අභ්‍යවකාශයේ දින 286 ක් ගත කළ අතර එය ඔවුන් රැඳී සිටීමට අපේක්ෂා කළ කාලයට වඩා දින 278 ක් දිගු වනවා.
මෙම කාලය තුළ දී ඔවුන් පෘථිවිය වටා 4,576 වතාවක් ගමන් කර තිබෙනවා. එය දුර වශයෙන් ගත් විට සැතපුම් මිලියන 121 ක් වනවා.

