ත්‍රිවිධ හමුදාවෙන් පැන ගිය 1,246ක් අත්අඩංගුවට

නීත්‍යානුකූලව ඉල්ලා අස්නොවී යුද, ගුවන් සහ නාවික හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් 1,246ක් පසුගිය දින 21 ඇතුළත ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී යුද හමුදා සේවයේ නිරත වී සිටි නිලධාරීන් 3දෙනෙක්ද  අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ත්‍රිවිධ හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් වල දී යුද හමුදාවේ 950ක්, නාවික හමුදාවේ 45ක් සහ ගුවන් හමුදාවේ 102ක් ද, ශ්‍රී ලංකා පොලීසිය කළ මෙහෙයුම්වලින් යුද හමුදාවේ 114ක්, නාවික හමුදාවේ 19ක් සහ ගුවන් හමුදාවේ 13ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.