අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
ඒ එම සංවිධානය ට්‍රම්ප් විරෝධී සහ රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙනුයි.
මේ හරහා, ඇමරිකාවේ බදු ගෙවන්නන් තවදුරටත් රැඩිකල් ප්‍රචාරණයට සම්බන්ධ නොවන බවට සහතික කරන බව ධවල මන්දිර ප්‍රකාශයක සඳහන් කර තිබෙනවා.
දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි ප්‍රචාරණයට එරෙහිව සටන් කිරීම සඳහා පිහිටුවන ලද Voice of America මාධ්‍ය ජාලය වටා අදටත් දෛනිකව ගෝලීය ප්‍රේක්ෂක සහ ශ්‍රාවකයන් මිලියන 361කට අධික සංඛ්‍යාවක් රොක්ව සිටිනවා.
Voice of America මාධ්‍ය ජාලය අමෙරිකානු ආණ්ඩුවේ ෆෙඩරල් අරමුදල් වලින් පාලනය වන අතර වාර්ෂික අය වැයෙන් ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 267 කට අධික මුදලක් වැය කෙරෙනු ලබනවා.

