2025 International Masters League කුසලානයේ ජය හිමිකර ගැනීම සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ කඩුළු 06කින් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 148ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී පිටියට පිවිසි Dwayne Smith ලකුණු 45ක්ද, නායක Brian Lara, Chadwick Walton සහ William Perkins ලකුණු 06 බැගින්ද, Lendl Simmons ලකුණු 57ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී Vinay Kumar කඩුළු 03ක්ද, Shahbaz Nadeem කඩුළු 02ක්ද, Pawan Negi, Stuart Binny එක් කඩුල්ල බැගින් දවාගත්තා.
අනතුරුව ලකුණු 149ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් 2025 මාස්ටර්ස් ලීගයේ ජය හිමිකර ගැනීමට සමත් වුණා.
නායක Sachin Tendulkar ලකුණු 25ක්ද, Gurkeerat Singh Mann ලකුණු 14ක්ද, Ambati Rayudu ලකුණු 74ක් ද රැස් කළා.



