රුපියලේ සුළු පහළ යෑමක්

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.25 සිට රු. 292.54 දක්වා සහ විකුණුම් මිල රු. 299.79 සිට රු. 300.95 දක්වා ඉහළ ගොස් තිබේ.